
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව නුදුරේදීම කිසිවෙකු අල්ලස් ගැනීමටවත් නොසිතන රටක් බවට පත්වන බවත්, නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දූෂණයට සහ අල්ලස් ඉල්ලීමට ජනතාව බිය වියයුතු නමුත්, වර්තමානයේ තමන් නීතියට ඉහළින් සිටින බව විශ්වාස කරමින් තවදුරටත් එවැනි ක්‍රියාවන්හි නිරත වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
“අල්ලස් ඉල්ලීමට සහ ගැනීමට ජනතාව බිය විය යුතුයි. ජනතාව නීතියට බිය වියයුතුයි. නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන වන රාජ්‍යයක් අපි ගොඩනගනවා. හිටපු පොලිස්පතිවරයා, හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙක් සහ බන්ධනාගාර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන හා රේගුව වැනි රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිදෙනෙක් පසුගිය දිනවල අත්අඩංගුවට ගෙන තිබෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේය.
පැවැති පාලනයන් විසින් පාලනතන්ත්ර වෙනස්වීම් අනුව අවහිර කළ විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් පත්කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
“රුපියල් මිලියන 2.6ක මූල්‍ය වංචාවක් වෙනුදෙන් අපේ රටේ නීතියට අනුව අවුරුදු 20ක සිරදඬුවමක් ලැබෙනවා. අපි මේ ගණනය කිරීම් පදනම් කර ගත්තොත් සමහර අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදවෙන්න පුලුවන්” ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමේ උත්සවයකට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart