
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇනහිට ඇති කොළඹ හයට් හෝටල් (Colombo Hyatt Hotel) ව්‍යාපෘතිය සඳහා සුදුසු ආයෝජකයකු සොයාගත නොහැකි වුවහොත් භාණ්ඩාගාරයේ සහාය ඇතිව අවසන් කිරීමට රජය සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවසුවේය.
ජනමාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ, කොළඹ ඓතිහාසික ගෆූර් ගොඩනැගිල්ලට සිදුකළ ආකාරයෙන් භාණ්ඩාගාරයේ මූල්‍ය ආධාර යටතේ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව එම ව්‍යාපෘතිය ද නිමකිරීමට රජය සූදානම් බවයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් යන රාජ්‍ය ආයතනවලින් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 60ක මහජන මුදල් යොදවා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී Colombo Hyatt ගොඩනැගිල්ල ඉදිකර ඇත.
‘හොටෙල් ඩිවෙලොපර්ස්’ විසින් ඒ සඳහා කොළඹ නගරයේ සැලකිය යුතු ඉඩමක් භාවිතා කර ඇති අතර, එහි මූල්‍ය ශක්‍යතාව පිළිබඳ කනස්සල්ල මතුව තිබේ.
ව්‍යාපෘතිය සඳහා ලබාගත් ඩොලර් මිලියන 35ක ණයක් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය.
මෙම ඉඩම කොළඹ ප්‍රධාන සංචාරක කලාපයක පිහිටා ඇති අතර ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඒ අවට සුඛෝපභෝගී හෝටල්ද ඇත.
“දේපොළ අපතේ යමින් තිබුණත් රජය ව්‍යාපෘතිය අවතක්සේරු කරන්නේ නැහැ” යයි රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු කියාසිටියේය.
එමෙන්ම ව්‍යාපෘතිය අවසන් කිරීමට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150 ක් අවශ්‍ය වනු ඇති බවද හෙතෙම පැවසීය.
2015 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීමත් සමඟම එම ව්‍යාපෘතියට සම්බන්ධ මූල්‍ය අවභාවිතය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීම හමුවේ ඉදිකිරීම් නතර විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart