
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්‍ෂණය කිරීම සඳහා හිටපු පළාත් පාලන නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා සිටි බව පළාත් ආණ්ඩුකාරවරුන් දන්වා ඇත.
නීතිපතිවරයාගේ උපදෙස් මත එම පත්කිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන බව මධ්‍යම සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරුන් කොමිසමට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි.
පළාත් පාලන මැතිවරණය කල් දැමුවද මේ වනවිට පළාත් පාලන මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන බැවින් එම පත්වීම් නීතිවිරෝධී බව මැතිවරණ කොමිසම අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නේය.
ඒ අනුව දකුණු සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරු අදාළ පත්වීම් අවලංගු කරනු ලැබූහ.
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබාදුන් හිටපු පළාත් පාලන නියෝජිතයන්ට සහ අපේක්ෂකයන්ට පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණය සඳහා පත්වීම් ලබාදී ඇති බවට මැතිවරණ නිරීක්ෂකයින් ඇතුළු පාර්ශව කිහිපයක් පසුගිය දා සිදුකළ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම ආණ්ඩුකාරවරුන්ට මේ සම්බන්ධයෙන් නියෝග නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart