
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක ක්ෂේත්රයේ නියැළෙන ත්රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ‘ක්ලීන් ශ්රී ලංකා’ ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
එහි මූලික සාකච්ඡාවක් ඊයේ (18) පෙරවරුවේ ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
ඒ අනුව, මෙම වර්ෂය තුළදී දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දසදහසක් පුහුණු කිරීමට සැලසුම් කර ඇත.
ඊට වියදම වශයෙන් රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී ත්රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදීම, ත්රිරෝද රථ රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන අයුරින් සේවා සැපයීම, සංචාරක ත්රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වාදීම ආදිය මෙන්ම, එයින් සංචාරක කර්මාන්තය ආශ්රිත සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීම අරමුණු කෙරේ.
මීට අමතරව, මිත්රශීලීව හා ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා පවත්වාගෙන යාම සඳහා ත්රීරෝද රථ රියදුරන් තුළ යහපත් ආකල්ප ප්රවර්ධනය, පෞද්ගලික සනීපාරක්ෂාව සහ වෘත්තීමයභාවය වැඩිදියුණු කිරීම, තමන් ආවරණය කරන ප්රදේශ හා ස්ථාන පිළිබඳ දැනුම වර්ධනය කිරීමද අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart