
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන සහන කප්පාදු කිරීමට සූදානම් වේ.
මෙම වෙනස්කම් අධීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
යෝජිත ප්‍රතිසංස්කරණ මගින් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භුක්ති විඳින වාහන, විශ්‍රාම වැටුප්, නිවාස දීමනා සහ අනෙකුත් මූල්‍ය ප්‍රතිලාභ ඇතුළු වරප්‍රසාද කිහිපයක් ඉවත් කිරීම අරමුණු කරයි.
එම කමිටුව දැනට පවතින ප්‍රතිලාභ පිළිබඳ මනාව සමාලෝචනය කර නව නීති සම්පාදනය කර මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහන අඩු කිරීමේ උත්සාහයක් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නජිත් ඉන්දික විසින් ද තහවුරු කරතිබේ.
ඒ සම්බන්ධයෙන් හෙට (30) කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුවට අනුව, මෙරට මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණීම සඳහා රුපියල් 2,500ක සහ රැස්වීම් නොවන දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා රුපියල් 2,500ක දීමනාවක් ඇතුළු දීමනා සහ ප්‍රතිලාභ රැසක් ලැබේ.
ඔවුන්ට මසකට රුපියල් 100,000ක කාර්යාල දීමනාවක්, රුපියල් 54,285ක මාසික වැටුපක් සහ රුපියල් 1,000ක විනෝදාස්වාද දීමනාවක් ද හිමි වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ රියදුරකු නොමැති නම් රුපියල් 3,500ක රියදුරු දීමනාවක් ඉල්ලා සිටිය හැකි අතර ඉන්ධන දීමනා ඔවුන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කයට ඇති දුර ප්‍රමාණය අනුව ලබා දෙනු ලැබේ.
මීට අමතරව, මාසිකව රුපියල් 50,000ක දුරකථන දීමනාවක් ලබා දෙන අතර පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙකු සඳහා ප්‍රවාහන වියදම් සඳහා රුපියල් 10,000ක් වෙන් කෙරේ.
නොමිලේ තැපැල් ගාස්තුව සඳහා වාර්ෂිකව නිකුත් කරන රුපියල් 350,000 වටිනා මුද්දරවලින් ද මන්ත්‍රීවරුන්ට ප්‍රතිලාභ ලැබේ.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2017 දී පාර්ලිමේන්තුව සඳහා වූ මුළු වියදම රුපියල් මිලියන 2,841කි.
මෙයින් 60%ක් (රුපියල් මිලියන 1,711ක්) පාර්ලිමේන්තුව පිහිටුවීමට අදාළ සේවාවන් සඳහා වෙන් කර ඇති අතර, සේවක සේවිකාවන් 844ක් සඳහා පෞද්ගලික දීමනා යටතේ වැටුප් හා දීමනා සඳහා රුපියල් මිලියන 875ක්ද, පාර්ලිමේන්තු සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 395ක්ද, ආහාර සහ නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 124ක්, විදුලිය සහ ජලය සඳහා රුපියල් මිලියන 88ක්, නඩත්තුව සඳහා රුපියල් මිලියන 87ක් ලෙස සටහන් වී ඇත.
මීට අමතරව, කුලී (රු. මිලියන 269), හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ (රුපියල් මිලියන 196), තැපැල් හා සන්නිවේදන වියදම් (රුපියල් මිලියන 135), පුද්ගලික දීමනා යටතේ දීමනා (රු. මිලියන 118), සහ ඉන්ධන (රු. මිලියන 117) වැනි වියදම් ආවරණය කරමින් මුළු වියදමෙන් (රුපියල් මිලියන 926) 33%ක් මන්ත්‍රීවරුන් වෙනුවෙන් කැප කර ඇත.
අවසාන වශයෙන්, මුළු මුදලින් 7% (රුපියල් මිලියන 203) කථානායක කාර්යාලය සඳහා වැය කර ඇති අතර, රුපියල් මිලියන 71ක් පෞද්ගලික වැටුප් සඳහා වෙන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart