
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංගප්පූරුවේ වාර්තාගත ලෙස පහත වැටෙමින් පවතින උපත් අනුපාතයට විසඳුමක් ලෙස, එරට රජය විසින් සිය රාජ්‍ය සේවකයන් සඳහා සහකරු හෝ සහකාරියන් සොයා දීමේ නව ක්‍රමවේදයක් (Matchmaking service) හඳුන්වා දී තිබේ.
වයස අවුරුදු 21 ත් 35 ත් අතර පසුවන්නන් සඳහා මේ සතියේ ආරම්භ කරන ලද “FirstDate” නමැති මෙම සේවාව, එක වරකට එක් අයෙකු බැගින් ගැලපෙන සහකරුවෙකු තෝරා දෙන අතර, එය සම්ප්‍රදායික පෙම්වතුන් සෙවීමේ ක්‍රමවේදයන්ට වඩා වෙනස් ප්‍රවේශයක් බව පවසයි.
එහි නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ, නොනවත්වා සහකරුවන් තේරීමේ වෙහෙසකර බව මෙතැනින් අවසන් වන බවයි.
මෙම සේවාවට සම්බන්ධ වන පිරිස, එරට ජාතික ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය ඔස්සේ පද්ධතියට පිවිසිය යුතු අතර, පසුව තමන්ගේ රුචිකත්වයන්, පුරුදු සහ අගයන් පිළිබඳ සමීක්ෂණ ප්රශ්නාවලියකට පිළිතුරු සැපයිය යුතුය.
මෙම ක්‍රමවේදය සඳහා සිංගප්පූරු වැසියන්ගෙන් ලැබී ඇත්තේ එකිනෙකට වෙනස් මිශ්‍ර ප්රතිචාරයන්ය.
ඇතැමුන් මෙය අනාගතයේ සිදු විය හැකි බියකරු පාලන ක්රමවේදයක ආරම්භයක් ලෙස හඳුන්වද්දී, තවත් පිරිසක් පවසා ඇත්තේ මෙම අත්හදා බැලීමට එක්වීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.
“FirstDate” වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මෙම සේවාව සඳහා ගේල්-ෂැප්ලි ස්ථාවර විවාහ ඇල්ගොරිදමය (Gale-Shapley Stable Marriage algorithm) නමැති නොබෙල් සම්මාන දිනූ ගණිතමය සූත්‍රයක් භාවිත කරන බවයි.
මෙම ගණිතමය රාමුව මගින් එකිනෙකට සමාන ප්‍රමාණයේ කණ්ඩායම් දෙකක පුද්ගලයන්ගේ කැමැත්ත සහ රුචිකත්වයන් පදනම් කරගනිමින් ඔවුන්ව ජෝඩු ලෙස ගැලපීම සිදු කරයි.
මෙම සූත්‍රය සොයාගැනීම වෙනුවෙන් අභාවප්‍රාප්ත ගණිතඥ ලොයිඩ් ෂැප්ලිට 2012 වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි විය. මෙම ක්‍රමවේදය මීට පෙර රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම, වෛද්‍ය නේවාසික පුහුණු ස්ථානගත කිරීම් සහ විවිධ පෙම්වතුන් සොයන ඇප් සඳහාද භාවිත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart