
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි ඉඩම් කොටසක් සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක් ක්‍රියාත්මක කිරීම සඳහා බැහැර කිරීම පිණිස ආයෝජන යෝජනා කැඳවීමට රජය තීරණය කර ඇත.
නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්චස් 28.04ක ඉඩම් කොටස විදේශ සංචාරකයින් ආකර්ෂණය කරන විනෝද කාර්යයන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සුදුසු බවට, නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් සඳහා යෝග්‍ය සංවර්ධන කටයුතු නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
ඒ අනුව, එකී ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසර 50ක කාලසීමාවකට සුදුසු ආයෝජකයකු වෙත බැහැරකිරීමට හැකි වන පරිදි අන්තර්ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart