
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයයට පැමිණ තිබේ.
ඒ අනුව අද (17) වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක්වූ ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර පවසන්නේ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදු ප්‍රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ ඇති බවයි.
ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීම හා ඇමෙරිකාව සහ චීනය අතර ඉස්මතුවෙමින් පවතින වෙළඳ යුද්ධය ප්‍රධාන ස්ථානයක් ගෙන තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ගෝලීය රන් මිල ඉහළ යෑමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද වාර්තාගත ලෙස අද (17) වන විට ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ දෛනික රන් මිල පිළිබඳ විශ්වාසනීය තොරතුරු නිකුත් කරන GOLDCeylon Gold News Network සඳහන් කරන්නේ, අද (17) උදෑසන වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 242,000 ක් දක්වාත්, කැරට් 24 ක රන් පවුමක මිල රු. 262,000 ක් දක්වාත් ලෙසින් ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණ ඇති බවයි.
ඊයේ (16) දිනයේ දී ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 238,300ක් හා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 259,000ක් ලෙසින් සටහන්ව තිබිණි.(Ada Derana)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart