
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ කෝබේ නුවර පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීම එෆ්-46 කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් එම තරගාවලියට සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වීම හේතුවෙන් ඔහු නුසුදුස්සකු ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඔහුට එරෙහි පැමිණිල්ලේ දිනේෂ් ප්‍රියන්ත සඳහා වෛද්‍ය වර්ගීකරණ සමාලෝචනයක් සඳහා යොමුකරන ලෙස ඉල්ලා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රියන්ත එම ඉසව්වෙන් නුසුදුස්සකු වී තිබේ.
ඒ අනුව ඉන්දියාවේ රින්කු හූඩා සහ අජීත් සිං හට පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම් ප්‍රදානය කර ඇත.
දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාසිටියද මෙම තත්වය ඔහුගේ පැරාලිම්පික් සුදුසුකම්වලට බාධාවක් විය හැකි බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart