
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ ලෙස තිබූ රන් ආභරණ තොගයක් උකස් තබා මුදල් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයකු මිරිහාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු බව පොලිසිය පවසයි.
පොලිස් ස්ථානය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ නඩු භාණ්ඩ පසුගිය ජූලි මස 31 වැනිදා පැමිණිලිකරුවන් වෙත ලබාදීමට අධිකරණය නියෝග ලබා දී ඇත.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා එම නියෝගය පැහැරහැර අදාළ රන් භාණ්ඩ නුගේගොඩ හා මහරගම ප්‍රදේශවල පිහිටි උකස් මධ්‍යස්ථානයක් වෙත උකස් කර මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
මිරිහාන පොලිසියේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර කැටන්දොල අක්මීමන ප්‍රදේශයේ සැඟව සිටියදී උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart