
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 අයවැය ඇස්තමේන්තුව මගින් වෛද්‍ය වෘත්තිකයන්ගේ සහ වෛද්‍ය සේවයේ තත්ත්වය පිළිබඳව අවධානය යොමුකිරිම ප්‍රමාණවත් නැතැයි පවසමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මෙම තත්ත්වය සතුටුදායක ලෙස විසඳා නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට ද එම සංගමය අනතුරු අඟවා තිබේ.
අයවැය මගින් මතුකර ඇති මෙම අවිනිශ්චිතතා විසඳීම සඳහා වැටුප් ගැටළු පිළිබඳ විශේෂ කමිටුවක් ද ඉකුත් සිකුරාදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කැඳවා තිබිණි.
නව වැටුප් වර්ධකයට අනුව මූලික වැටුප අදියර තුනකින් ඉහළ නංවා ඇති අතර වෛද්‍ය නිලධාරීන්ගේ අතිකාල සහ නිවාඩු ගෙවීම් මුළු වැටුප් වර්ධකයෙන් ගණනය කෙරේ.
The Sunday Morning කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා ඇත්තේ, රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් වැඩිකිරීමට රජය ගත් තීරණය යහපත් වුවත් එම ලේඛනයේ යම් යම් අඩුපාඩු පවතින බවයි.
වෛද්‍යවරුන්ගේ පැයක අමතර රාජකාරි දීමනාව 80/1 සිට 120/1 දක්වා අඩු කර ඇති බව ද ඔහු පවසා තිබේ.
“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දිගුකාලීන මතය වූයේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව යම් දීමනා ලබාදෙනවාට වඩා වැටුප් සම්පීඩන අනුපාත ආරක්ෂා කර ගනිමින් ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුළ මූලික වැටුප් සංශෝධනයක් සිදුකළ යුතු බවයි. මෙය අවසානයේ රජයේ සහ සෞඛ්‍ය අංශ තුළ විශාල වැටුප් විෂමතාවයක් ඇති කරනවා. වසර 10කට ආසන්න කාලයකට පසු රජය මූලික වැටුප වැඩි කර තිබෙනවා. එය අපි ඇත්තටම අගය කරනවා,” ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart