April 8, 2026

එක්සත් ජනපදය සහ ඉරානය කොන්දේසි සහිත සති දෙකක සටන් විරාමයකට එකඟවීමෙන් පසුව ගෝලීය තෙල් මිල තියුණු ලෙස පහත වැටුණු අතර කොටස් වෙළඳපොළවල් ඉහළ ගියේය.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට 15.9% කින් පමණ පහත වැටී ඩොලර් 92.30 ක් වූ අතර, එක්සත් ජනපදය වෙළඳාම් කරන ඉන්ධන 16.5% කින් පමණ පහත වැටී ඩොලර් 93.80 ක් විය.

මෙම තත්වය මත ඉන්ධන සැපයුම් බාධාවන් පිළිබඳ කනස්සල්ල ලිහිල් වෙමින් පවතින බව දැකගත හැකිය.

තාවකාලික සටන්විරාම ගිවිසුමේ කොටසක් ලෙස, ඉරානය විසින් සිය රටට එරෙහි ප්‍රහාර නතර කළහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩදෙන බවට නිවේදනය කිරීමෙන් පසුව මෙම තියුණු පහත වැටීම සිදුවිය.

කෙසේවෙතත් මෙම මිල පහත වැටීම නොතකා, පෙබරවාරි 28 වැනි දින යුද්ධය ආරම්භයේදී බොරතෙල් බැරලයකට ඩොලර් 70ක් පලෙස පැවැති ඉන්ධන මිල තවමත් විශාල ලෙස ඉහළ මට්ටමක පවතී.