
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වොෂින්ටනයේ පැවති අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම් සමඟ පවත්වනු ලබන 2025 ලොව හොඳම මහබැංකු අධිපති සම්මාන උළෙලේදී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට ‘A ශ්‍රේණියේ’ සම්මානය පිරිනමා තිබේ.
ඔහුගේ විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීම සඳහා ඔහුගේ නායකත්වය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන් මධ්‍යයේ ඔහුගේ උපායමාර්ගික කළමනාකරණය සඳහා ඇගයීමක් ලෙස මෙම සම්මානය පිරිනමා ඇත.
ප්‍රතිපත්ති විශ්වසනීයත්වය, උද්ධමන පාලනය, මුදල් ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධන ප්‍රතිඵල මත පදනම්ව ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව මහබැංකු අධිපතිවරුන්ගේ වාර්ෂිකව ශ්‍රේණිගත කරයි.
ආචාර්ය නනදලාල් වීරසිංහගේ භාරකාරත්වය යටතේ, ශ්‍රී ලංකාවේ මහබැංකුව මුදල් ස්ථාවරත්වය සහතික කිරීම, බැංකු අංශය ශක්තිමත් කිරීම සහ දේශීය ආර්ථිකය කෙරෙහි විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා තීරණාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ඇතැයි එම සඟරාව පෙන්වාදෙයි.
මෙම සම්මානය, ගෝලීය පිළිගැනීම සහ ආර්ථික ප්‍රකෘතිය කරා ශ්‍රී ලංකාවේ ස්ථාවර ප්‍රගතිය පිළිබිඹු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart