
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැයි 20 වැනිදාට පෙර දිනයක් තහවුරු කරන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පෙරේදා මැයි දින රැලිය අමතමින් සමගි ජන බලවේගයෙන් ඉල්ලා සිටියේය.
ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ ප්‍රතිපත්ති පිළිබඳ අදහස් අදක්වීම යෝජිත විවාදයේ අරමුණ වී තිබේ.
ජාතික ජන බලවේගය විසින් සංවිධාන කරන ලද මැයි දින රැලිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මෙය ‘දූෂිතයින්ගේ පාලනය’ යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය සනිටුහන් කරන බව සඳහන් කළේය.
“අද ජාතික ජන බලවේගය පවත්වන්නේ මේ රට විනාශ කළ අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතුව සිටියදී පවත්වන අවසන් මැයි රැලිය” යනුවෙන් දිසානායක ප්‍රකාශ කළේය.
“සමගි ජන බලවේගයේ හිරිහැරය… ඔවුන් අපට විවාදයකට කැඳවමින් නිරන්තරයෙන් කරදර කරනවා. අපි ඔහුට [සජිත් ප්‍රේමදාස] දින හතරක් ලබා දුන්නා. දැන් ඔහු පවසන්නේ රාත්‍රී ඇතුළුව එම දින හතරම කාර්යබහුලයි කියලා. ඊට පස්සේ අපි කිව්වා මැයි 20 වැනිදාට කලින් අපිට දිනයක් දෙන්න කියලා. අපි ඕන දවසකට ලෑස්තියි මොකද එතකොට තමයි මේ හිරිහැරයට තිත තියන්න පුළුවන් වෙන්නේ.” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart