
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විවාහය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිය පෙම්වතාව පැහැරගෙන ගිය තරුණියක පිළිබඳව පුවතක් පිංවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස අදාළ තරුණයා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පුද්ගලයන් 04 දෙනෙක් පිංවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් පානදුර පිංවත්ත අළුබෝමුල්ල මාර්ගයේදී තරුණයා පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රේම සම්බන්ධයක් පැවැතියද, අදාළ තරුණයා ඇයව විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ නාවික හමුදා සාමාජිකාවක් බව කියන පෙම්වතිය මෙම පැහැර ගැනීම සැලසුම් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පෞද්ගලික ආයතනයක සේවිකාවක් වන පැහැර ගැනීමට ලක්වූ තරුණයාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වාද්දුව ප්‍රදේශයේ පදිංචි පෙම්වතිය ඇතුළු සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පැහැරගත් පිරිස එම තරුණයා අවට පාළු නිවසකට රැගෙන යෑමෙන් අනතුරුව මුදාහැර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart