
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාරියක් හැඳ නොසිටීම හේතුවෙන් ඉරිදා දිනයේ ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල මධ්‍යස්ථානයට පැමිණි ගුරුවරියක් පන්නාදමා ඇත.
මොඩියුල මධ්‍යස්ථානයේ කළමනාකරු විසින් මෙලෙස තමාව පන්නාදැමූ බව පවසමින් අදාළ ගුරුවරිය කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් දමා තිබේ.
ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල මධ්‍යස්ථානයේදි අද(18) පැවති ගුරුවරුන්ගේ සේවා උසස්වීම්වලට නියමිත කාර්යක්ෂමතා කඩඉම් සපුරා ගැනීම සඳහා එම ගුරුවරිය පැමිණ ඇත.
එහිදී සාරියකින් සැරසී නොපැමිණීම හේතුවෙන් අදාළ කළමනාකරු තමාව මධ්‍යස්ථානයෙන් එළවා දැමූ බවට එම ගුරුවරිය සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
කඩුගන්නාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart