
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සති කිහිපය තුළ, ආර්ථික හා සමාජ සාධාරණත්වය සහ ස්වෛරීත්වය වෙනුවෙන් ගිල්ගිට්-බල්ටිස්තාන් කලාපයේ ජනතාව විරෝධතා පවත්වා ඇති බව වාර්තා වේ.
තිරිඟු මිලෙහි සහනාධාර ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ අලුතින් ක්‍රියාත්මක කරන ලද විවිධ බදු අවලංගු කිරීම මේ සදහා හේතු වී තිබේ.
පාකිස්ථානයේ මිනිසුන්ට තම ඉඩම් අයිති කර ගැනීමට අවසර නැති එකම කලාපය ගිල්ගිට්-බල්ටිස්තාන් වන අතර, මෙම විරෝධතාව මගින් ගිල්ගිට්-බල්ටිස්තාන් කලාපයේ ජනතාවට ඉඩම් හිමිකම අයිතිය නැවත ලබා දී,ආර්ථික ස්වාධිපත්‍යයක් සහ දේපල අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිති.
නොකඩවා විදුලි සැපයුමක් සහ අධ්‍යාපනික සහ සෞඛ්‍ය පහසුකම් ශක්තිමත් කිරීම වැනි වඩා හොඳ සමාජ-ආර්ථික ප්‍රතිපාදන ද ඔවුන් ඉල්ලා සිටිති.
ගිල්ගිට්-බල්ටිස්තාන් කලාපය ජලවිදුලි බලාගාර හරහා පාකිස්ථානයේ විශාලතම විදුලි නිෂ්පාදකයා වන නමුත්, ජනතාව දිගු විදුලි කප්පාදුවකින් පීඩා විඳිති.
තිරිඟු මිල ඉහළ යාම හැරුණු විට, කලාපයේ සංචාරක කර්මාන්තයට නව බදු හඳුන්වා දුන් 2023 නව ගිල්ගිට් බෝල්ටිස්තාන් මූල්‍ය පනතට ජනතාව විරෝධය පළ කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart