
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සම්මානිත ලේඛකයෙක්, ගේය පද රචකයෙක් මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ද වූ ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 52 හැවිරිදි වියේ පසුවූ ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත වී ඇත.
ගයා රම්‍ය අල්විස් යනු අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ මෙරට බිහි වූ විශිෂ්ට ගේය පද රචකයෙක් වූ ඩෝල්ටන් අල්විස් ගේ බාල පුත්‍රයා ය.
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු, 1994 වසරේදී ගුවන් විදුලි සංස්ථාව හරහා රුපවාහිනි නාට්‍ය අංශයට එක්ව ඇත.
ජාතික රුපවාහිනියේ නාට්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක් ලෙස සහ ජාතික රුපවාහිනියේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කර ඇත.
සඳදිය මංකඩ, පරිස්සමෙන් ගිහින් එන්න ඇතුළු ගීත රැසක නිර්මාණකරුවා වන්නේද ඔහුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart