
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඩි 06 ක පමණ බෑවුමකින් ඇදවැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ යටියන්තොට වැලිහෙලතැන්න, රන්පවුන්ගම පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.
එම පුද්ගලයා ඉකුත් 13 වැනිදා මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරතව සිටියදී ඇතිවූ ආරවුලක් මත පුද්ගලයකුට පිහියෙන් ඇනීමට තැත්කර ඇති බවයි.
එහිදී එම ස්ථානයේ සිටි පිරිසක් විසින් එම පුද්ගලයාට පහර දී බෑවුමකට තල්ලු කර තිබේ.
පොලිසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ කාන්තාවක් අත්අඩංගුව ගෙන ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිහෙලතැන්න, රන්පවුන්ගම පදිංචි සිව්දෙනෙකු බවත්, ඔවුන් 24, 31, 43 සහ 45 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බවත් පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart