
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
16 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවකු ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ වින්දිතයා සහ විත්තිකරු විවාහක සහ දරුවකුගේ දෙමාපියන් බව විත්තියේ නීතිඥවරයා සහ පොලිසිය අධිකරණයට දැන්වූ අවස්ථාවේදීය.
16 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා ඔහුට අධිචෝදනා ගොනුකර තිබිණි.
ජුලි 5 වැනිදා යක්කලමුල්ලේදී ඔහු ඇයව පැහැරගෙන ගොස් මැදවච්චිය සහ අකුරැස්ස ප්‍රදේශයේදී දූෂණය කළ බව පැමිණිල්ල අධිකරණයට ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් විත්තියේ කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු යුවළ තම දරුවා සමඟ උසාවියෙන් පිටව ගියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart