
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් දිවෙන ගලහා මාර්ගය මාස 06ක කාලයකට වසාදැමීමට තීරණය කර තිබේ.
මහනුවර සිට පේරාදෙණිය දක්වා දිවෙන දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීම හේතුවෙන් මේ මස 20 වැනි දින සිට මාස 06 ක කාලයකට මාර්ගය මෙලෙස වසාදැමීමට තීරණය කර ඇත.
ගලහා මාර්ගය හරහා දිවෙන දුම්රිය පාලම කඩාදමා නවීකරණය කිරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දැමීමට සිදුව තිබේ.
ඒ අනුව, ගලහා ප්‍රදේශයට ගමන් කරන වාහනවලට විකල්ප මාර්ගයක් ලෙස ගලහා හන්දිය අසලින් දිවෙන පැරණි පාර (ලබුදුවේ සිරිධම්ම මාවත) ඔස්සේ අල්විස් පොකුණ අසලට පැමිණ ගලහා දෙසට ගමන් කරවීමට අවස්ථාව ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart