
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම් ගොනුකිරීම වැළැක්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට යන බවට පළ වූ මාධ්‍ය වාර්තා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් මූලික අයිතිවාසිකම් නඩුවලට මුහුණදීමෙන් වැළකීමට උපකාර වන මාර්ගෝපදේශ මාලාවක් පොලිසියට නිකුත් කිරීමට නියමිත බව පසුගියදා ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී.
මේ සම්බන්ධයෙන් The Daily Morning කරන ලද විමසීමකදී මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසා ඇත්තේ, ඔවුන් (අමාත්‍යාංශය සහ පොලිසිය) පොලිසිය සම්බන්ධ ඇතැම් කරුණු සාකච්ඡා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එය විශේෂයෙන්ම මූලික අයිතිවාසිකම් සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් නොවන බවයි.
“ඒක අපි නීතිපති දෙපාර්තමේන්තුව සමඟ කළ සාමාන්‍ය සාකච්ඡාවක්. මීට පෙරද මෙවැනි සාකච්ඡා කිහිපයක් අප පවත්වා තිබෙනවා” යැයි ඇමැතිවරයා පවසා ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බවයි අදාළ මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඔවුන් පවසන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) සමඟ සම්බන්ධීකරණය කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර පත්කර ඇති අතර පොලිස් ස්ථාන සම්බන්ධීකරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පත්කර ඇති බව එම වාර්තා සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart