
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 24කින්ය. ඒ අනුව එහි නව මිල රුපියල් 283ක් වනු ඇති.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 319කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 19කින් අඩු කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart