
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් පැවැසීය.
මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල ක්‍රියාත්මක වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම නව ක්‍රමය මගින් නිවසේ සිට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර (eRL 2.0) ලබාගත හැකි බවත් ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති කනක හේරත් මෙසේද පැවසීය.
“මේ රටේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට මෙන්ම අක්‍රමිකතා අවම කර ගැනීමට සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි. එනිසා මේ පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය ප්‍රකාශය හරහා මෙරට සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව සඳහන් කළා.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක්කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභා, නගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන නවයක් තෝරා ගෙන නියමු ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක වෙනවා.
මීට අමතරව මේ මස 07 වැනිදා සිට (eRL 2.0) වාහන ආදායම් බලපත්‍ර ද මාර්ගගත ක්‍රමය තුළින් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
බස්නාහිර පළාත හැර සෙසු පළාත් 8ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන සෑම රාජ්‍ය ආයතනයකටම ව්‍යාප්ත කිරීමට සහ ලබන වසරේ මාර්තු මස වන විට සියයට සියයක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීම් කටයුතු කර ගැනීමට අවශ්‍ය කටයුතු ද සිදු කෙරෙමින් පවතිනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart