October 8, 2025

ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකුවෙන් නිකුත් කරන ලද ණය සහ හර කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමට හැකිවන පරිදි කටයුතු සංවිධානය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක නිවේදනය කර තිබේ.

2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, මෙම පහසුකම ක්‍රියාත්මක බව ඇමැතිවරයා සඳහන් කරයි.