
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් හා ආර්ථික ස්ථායීකරණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අගෝස්තු 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට වාණිජ වාහන වර්ග කිහිපයක් ආනයනය කිරීමට පනවා ඇති තහනම ඉවත් කර ඇත.
ඒ අනුව අගෝස්තු 14 වැනිදා සිට බස් රථ, ට්‍රක් රථ, බවුසර්, කිරි ටැංකි සහ ශීතකළ ට්‍රක් රථ ආනයනය කිරීමට අවසර ඇත.
ගිනි නිවන රථ, දොඹකර ට්‍රක් රථ, කොන්ක්‍රීට් මික්සර් සහ කොන්ක්‍රීට් පොම්ප ට්‍රක් රථ ඇතුළු විශේෂ කාර්ය වාහන සඳහා පනවා තිබූ ආනයන තහනම ද ඉවත් කර තිබේ.
භාවිත කළ වාහනවල කාලය අනුව ද ආනයනයට අවසර ලැබේ.
මීට පෙර ආනයනය කර වරායවල රඳවා තබා ඇති එවකට තහනම්ව තිබූ වාහන, සියයට 30 ක අමතර ආනයන බද්දක් ගෙවීම මත නිදහස් කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart