
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්රිය මාර්ගයක තිබී පුපුරා නොගිය දෙවැනි ලෝක යුද සමයට අයත් බෝම්බයක් බවට සැකකෙරෙන පුපුරන යමක් සොයාගැනීමෙන් පසු ප්‍රංශයේ කාර්යබහුලම දුම්රිය ස්ථානය වන පැරීසියේ Gare du Nord දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබේ.
ප්‍රංශ ජනමාධ්‍ය වාර්තා කළේ සෙන්ට්-ඩෙනිස් තදාසන්න ප්‍රදේශයේ රාත්රියේදී සිදුකළ නඩත්තු කටයුත්තක් අතරතුර දුම්රිය මාර්ගය මැද තිබී පුපුරන ද්‍රව්‍ය උපකරණය සොයාගෙන ඇති බවයි.
මෙම සොයාගැනීමෙන් පසුව, ප්‍රංශ බලධාරීන් විසින් අධිවේගී TGV සහ Eurostar සේවාවන් ඇතුළුව Gare du Nord වෙත සහ ඉන් පිටතට යන සියලුම දුම්රිය ගමනාගමන ඉක්මණින් නතර කර තිබේ.
දිනකට මගීන් 700,000 කට ආසන්න සංඛ්‍යාවකට පහසුකම් සපයන පර්යන්තයට එල්ල විය හැකි බෝම්බ තර්ජනය වැළැක්වීම සඳහා පොලිසිය සහ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයන් එක්ව කඩිනමින් කටයුතු කළ බව සඳහන් වේ.
එහිදී ලන්ඩන්, බ්‍රසල්ස් සහ වෙනත් ගමනාන්ත වෙත ගමන් කරන මගීන් සැලකිය යුතු ප්‍රමාදයකට මුහුණදුන් බව වාර්තා වේ.
දෙවැනි ලෝක සංග්‍රාමයේදී පුපුරා නොගිය යුධෝපකරණ, යුරෝපයේ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු අතරතුර ඉඳහිට සොයාගනු ලැබුවද, මෙම බෝම්බයේ මූලාරම්භය තවමත් බලධාරීන් විසින් තහවුරු කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart