
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චන්ද්‍රිකා ඡායාරූප මගින් ඇන්ටාක්ටිකාවේ නව ‘මහා පෙන්ගුයින්'(Emperor Penguin) ජනපද හතරක් හඳුනාගෙන ඇත.
මෙම පෙන්ගුයින් වර්ගයේ විශේෂත්වය වන්නේ, මොවුන් මීටර් එකකට වඩා උසකින් යුක්ත වීමයි.
අලුතින් හඳුනාගත් ජනපද වලින් එකක් “Lazarev North” ලෙස නම්කර තිබේ.
මොවුහු ඇන්ටාක්ටික් ශීත ඍතුවේ උච්චතම කාලය තුළ එකට එකතු වී කණ්ඩායම් වශයෙන් වර්ගයා බෝ කිරීම සිදුකරති.
මෙම සත්වයෝ බිත්තර මඟින් පැටවුන් බිහි කර, ඉන් පසුව වෙරළට සම්බන්ධ මුහුදු අයිස් තට්ටු පැටවුන් ඇති දැඩි කරති.
මෙම ජනපද තුළ 550,000ක් පමණ මහා පෙන්ගුයින් සතුන් සිටින බව ඇස්තමේන්තුගත කර ඇත.
බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ ආචාර්ය පීටර් ෆ්‍රෙට්වෙල් (Peter Fretwell) පවසන්නේ, ඇන්ටාක්ටිකාවේ ඇතැම් ප්‍රදේශවල අයිස් තත්ත්‍වය වෙනස්වීම නිසා මොවුන් පිඩාවට පත්වන නමුත් මෙම ජනපද තවමත් පැවැතීම සතුටට කරුණක් වන බවයි.
කෙසේවෙතත්, මෙම අයිස් තත්ත්වයන් දිගින් දිගටම වෙනස් වන විට නව ස්ථාන කරා ගමන් කිරීමට මෙම පක්ෂීන්ට අනුවර්තනය වීමට සිදුවනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart