
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙන්ටවලන්ට් (pentavalent) නමැති එන්නත ලබාදීමෙන් පසු මාස හතරක් වයසැති කුඩා දැරියක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
සෙනසුරාදා (15) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් දරුවාට පෙන්ටවලන්ට් එන්නත ලබා දී ඇති අතර, එදින රාත්‍රියේ ඇයට සංකූලතා ඇති වී ඇතැයි කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත සඳහන් කරයි.
පසුව දෙමාපියන් ඇයව කුලියාපිටිය රෝහලට ගෙනැවිත් ඇති නමුත්, දරුවා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබූ බව අධ්‍යක්ෂවරයා පවසයි.
මරණයට හේතුව විමසූ විට වෛද්‍යවරයා පවසා ඇත්තේ, දේහය කුරුණෑගල රෝහලට යවා ඇති අතර, එහිදී හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බවයි.
කෙසේ වෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුව තහවුරු කරගැනීමට නොහැකි වූ බැවින්, සිරුරේ සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart