July 14, 2025

අද (14) උදෑසන 6.00 ට පමණ මහරගම, නාවින්න ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් හතරදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මහරගම පොලිසියට අනුව, නාවින්න බස් නැවතුම්පොළේ සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වෙමින් තිබූ බස් රථයක් මහරගම සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

එක් බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මහරගම පොලිසිය විසින් සිදුකරනු ලැබේ.

තුවාල ලැබූ මගීන් මේ වන විට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.