
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුඩා දරුවන් හතර දෙනෙකු මාසයකට වැඩි කාලයක් ඇමසන් වනාන්තරයේ සැරිසැරීමෙන් පසු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇත.
ඔවුන් ආදිවාසී පවුල් වල සහයෙන් දිවි බේරාගෙන තිබෙන බව කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම ළමුන් වනාන්තරයේ අතරමංව ඇත්තේ ඔවුන් ගමන්ගත් කුඩා ගුවන් යානය අනතුරට ලක්වීම හේතුවෙනි.
ගුවන් යානා අනතුරින් ඔවුන්ගේ මව සහ තවත් වැඩිහිටි මගීන් දෙදෙනකු මියගොස් ඇත.
ළමයින් පසුව වනාන්තරයේ අතුරුදහන් වීමත් සමඟ කොලොම්බියානු විශේෂ බලකා භටයන් 100කට අධික සංඛ්‍යාවක් සහ ස්වදේශික බාලදක්ෂයින් 70 කට අධික සංඛ්‍යාවක් එම ප්‍රදේශය පිරික්සීමට සම්බන්ධ වූ දැවැන්ත මිලිටරි සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ, වැඩිමහල් දරුවාට වනාන්තරයේ යම් අත්දැකීමක් තිබූ නමුත් සති කිහිපයක් ගත වන විට ඔවුන් බලාපොරොත්තු අත්හැර දමා සිටි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart