September 14, 2026

මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක ද වූ දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 91 වැනි වියේ පසුවූ ඇය, කළුබෝවිල පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක නර්තන ආචාර්යවරියක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ඇය, දහස් සංඛ්‍යාත දූදරුවන්ට උඩරට නර්තන සම්ප්‍රදාය කියාදුන් විශිෂ්ට ගුරුවරියකි.

ප්‍රවීණ විරිදු ගායන ශිල්පී සේන ෆොන්සේකාගේ බිරිඳ වූ දයා නෙල්ලම්පිටිය, වර්තමාන කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේම මුල් ගුරුවරිය ලෙසද සැලකේ.

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ජනකලාව, ජනගී සහ නර්තන කලාව සුරක්ෂිත කරමින් අනාගත පරපුරට දායාද කිරීමට ඇයගෙන් ඉටුවූ මෙහෙය අනුපමේය වන අතර, ඇයගේ අවසන් කටයුතු හෙට (15) සිදු කිරීමට නියමිතව ඇත.