December 30, 2025

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ පුවත තහවුරු කරමින් ප්‍රනාන්දු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු සහ ‘උද්යෝගිමත්, මිත්‍රශීලී සහ මහ්තමා ගති ඇති’ අයකු බව ඔහුට උපහාරයක් ලෙස සඳහන් කළේය.

“අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වූ බවට කණගාටුදායක පුවතක් දැන් අසන්නට ලැබුණා. ඔහු සැබවින්ම අපූරු තරුණයෙක්. ඔහුගේ වෘත්තීය ජීවිතය කුරිරු අනතුරකින් කෙටි වුණා. ඔහුගේ පාසලට සහ ඔහුගේ අවසන් සමාජය වන රාගම සමාජයට ඔහු ගුණාත්මක ක්‍රීඩකයෙක්. ඔහුව දන්නා අප සැමට එය කණගාටුදායක දිනයක්, අපගේ ජීවිත කාලය පුරාම මතකයේ ඔහු රැඳෙයි ” යනුවෙන් අබේසිංහ පැවසුවේය.

2010 නවසීලන්තයේ පැවති 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රනාන්දු, 2018 දෙසැම්බර් 28 වැනිදා ගල්කිස්ස වෙරළ තීරය අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සිදු වූ දරුණු අනතුරකින් පසු කෝමා තත්ත්වයේ පසුවිය.

වෙරළ තීරයේ පැවති කණ්ඩායම් ධාවන සැසියකට සහභාගී වී ආපසු යමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ දී තිබිණි.

අනතුර සිදුවන විට, ප්‍රනාන්දු ඔහුගේ පරම්පරාවේ වඩාත්ම බලාපොරොත්තු සහගත තරුණ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැළකිණි.

ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ කිත්රුවන් විතානගේ මෙන් ඔහුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු වූ අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙක් පසුව ජ්‍යෙෂ්ඨ මට්ටමින් ජාතික කණ්ඩායම නියෝජනය කළහ.

ජනවාරි 27 වැනිදා ලින්කන්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති 2010 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේදී ප්‍රනාන්දු කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, ඔහු ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක පිතිකරුවා වූ තරඟයකදී ලකුණු 52ක් ලබා ගත්තේය.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් බිහි වූ ප්‍රනාන්දු, 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම්වල නායකත්වය දැරූ අතර 19න් පහළ කණ්ඩායමේ උප නායකයා ලෙසද සේවය කළේය.

සමාජ මට්ටමින්, ඔහු කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, පානදුර ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් සහ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කළේය.

අනතුරට සති දෙකකට පෙර, ඔහුගේ අවසන් තරඟකාරී ඉනිමකදී, ප්‍රනාන්දු 2018 දෙසැම්බර් 14 වැනිදා මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලකුණු 102ක් ලබා ගත්තේය.

වසර ගණනාවක සත්කාරයකින් පසු ඔහුගේ නික්මයෑම දිගු හා වේදනාකාරී පරිච්ඡේදයක අවසානය සනිටුහන් කරයි.

හිටපු කණ්ඩායම් සගයන්, පුහුණුකරුවන් සහ ක්‍රිකට් සහෝදරත්වයේ සාමාජිකයන්ගෙන් ඔහුට උපහාර ගලා එමින් පවතින අතර, අක්ෂු ප්‍රනාන්දු ඔහුගේ දක්ෂතාව සඳහා පමණක් නොව, ඔහුගේ චරිතය සහ ගුණගරුක බව සඳහාද සිහිපත් කෙරේ.