
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්රාට වසරක සිරදඬුවමක් නියම කළ යුතු බවට තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
2023 වසරේ සිට 2024 වසරේ මුල් භාගය දක්වා හිටපු අග්‍රාමාත්‍යවරයා පොලිස් රෝහලක පෞද්ගලික කාමරයක රැඳීසිටීම මීට පෙර ඔහුට එරෙහිව පනවා තිබූ සිරදඬුවම විඳීමට ගෙවී ගිය කාලය ලෙස ගණන් බලා තිබේද යන්න සමාලෝචනය කරමින් අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
76 හැවිරිදි වියේ පසුවන තක්ෂින් ෂිනවත්‍රා පසු වංචා සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් 2023 දී වසර අටක සිරදඬුවමකට යටත් විය.
තායිලන්තයේ රජු විසින් ඔහුගේ සිරදඬුවම වසරක් දක්වා අඩුකරන ලද අතර පසුව ඔහුගේ වයස හේතුවෙන් ඔහුව කළින් නිදහස් කරන ලදී.
බරපතළ චෝදනා එල්ල වී තිබියදීත්, හිටපු අගමැතිවරයා කිසි දිනෙක සිරගතව නොසිටි අතර, ඒ වෙනුවට සෞඛ්‍ය ගැටලු මතුකරමින් රෝහල්ගතව සිටියේය.
විදෙස් ජනමාධ්‍ය පවසන්නේ වරදකරුවකු වූ හිටපු අග්‍රාමාත්‍යවරයා ඔහුගේ එම සිර කාලය පොලිස් රෝහලේ ගතකිරීම සම්බන්ධයෙන් ජනතාව දැඩි කලකිරීමෙන් පසුවූ බවයි.
ඔහු බලයේ සිටි කාලය තුළ ඔහු වැරදිකරු යැයි බොහෝදෙනෙකුට හැඟෙන පරිදි ෂිනවත්‍රා සිදුකළ අපරාධ සඳහා මෙය යම් ආකාරයක යුක්ති සහගත දඬුවමක් ලෙස පෙනෙනු ඇතැයි ද ජනතාව පවසති.
ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ෂිනවත්‍රා ඔහුව හමුදා කුමන්ත්රණයකින් නෙරපාහරින තෙක් 2001 සිට 2006 දක්වා තායිලන්තය පාලනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart