
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්‍රියේ කොළඹ මැරීන් ඩ්‍රයිව්හිදී(සමුද්‍ර මාර්ගයේ) රිය අනතුරක් සිදුකරමින් බීමත්ව රිය පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාහනය සංචාරක බස් රථයක ගැටීමට පෙර තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
අනතුර සිදුවන අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමතින් සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුර හේතුවෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.
අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart