June 10, 2023

2000 වසරේ වවුනියාව මහ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ වවුනියාව ප්ලොට් සංවිධානයේ හිටපු නායක සිවනදන් ප්‍රේමනාත් හෙවත් නැදුමාරන්ට වව්නියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් ජුනි 08 වැනිදා මරණ දඬුවම නියම කළේය.

සේවය නිමවා නිවසට යෑමට සූදානම්ව සිටි නාරිවේද විශේෂඥ වෛද්‍ය මොහොමඩ් සුල්තාන් මීරා මොහිදීන් මීට වසර 23කට පෙර අප්‍රේල් 20 වැනිදා රෝහල් ගේට්ටුව අසලදී විත්තිකරු විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එවකට ප්ලොට් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇත.

විත්තිකරු පරීක්ෂා කිරීමේදී පොලිසිය විසින් මිලිමීටර් නවයේ පිස්තෝලයක් සොයාගෙන ඇති අතර, අපරාධය සිදු වූ ස්ථානයේ තිබී සොයාගත් හිස් කාට්රිජ් හතර ඝාතනය කිරීමට යොදාගත් පිස්තෝලයට ගැලපෙන බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් සකස් කරන ලද වාර්තාවෙන් තහවුරු වී තිබේ.

(ceylontoday)