July 28, 2025

අත්අඩංගුවට ගැණුනු නාවික හමුදාවේ හිටපු ආඥාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න ජූලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමයේ පොතුහැර ප්‍රදේශයේ තරුණයකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස 2020 ජූලි සිට 2022 දෙසැම්බර් දක්වා කටයුතු කළේය.