
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය ආණ්ඩුව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර සියගණනක් අත්තනෝමතික ලෙස අත්පත් කරගෙන ඇති බවට පවතින චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුකරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීර ආරච්චි විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වන වඩිවේල් සුරේෂ්, සතාසිවම්, මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් සියඹලාපිටිය සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු දේශපාලනඥයන් පිරිසක් මෙම ඉඩම් අත්පත් කරගෙන ඇති බව ප්රශ්නය යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් ලබාදෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සිදුකරන චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර පාර්ලිමේන්තුවට වාර්තා කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් පැවසිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් කිසිදු දේශපාලනඥයකුට නිල වශයෙන් ඉඩම් වෙන්කිරීම පිළිබඳ තොරතුරු වත්මන් ලැයිස්තුවට ඇතුළත් නොවන බවත්, එවැනි දේශපාලනඥයන් විසින් අත්පත් කරගත් ඉඩම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දිවයින පුරා මෙවැනි ඉඩම් අත්පත් කරගැනීම් සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ප්රශ්නය යොමුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මෙසේ ද පැවසීය.
“නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ජීවත්වීමට ඉඩම් නැහැ. පසුගිය රජය සමයේදී දේශපාලනඥයන්ට විශාල ඉඩම් ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා අඹගමුව, වේවැල්තලාව ප්‍රදේශයේ ඉඩම් අක්කර 50ක් අත්පත් කරගෙන තිබෙනවා. ඊට යාබදව පිහිටි ඉඩම් අක්කර 50 ක් හිටපු ලොතරැයි මණ්ඩල සභාපති උපාලි ලියනගේ මහතා විසින් අත්පත් කරගෙන තිබෙනවා. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවත් දේශපාලනඥයන් කිහිපදෙනකු මේ ආකාරයෙන් ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් මහතා කොත්මලේ නැඟෙනහිර පොටෝස් වතුයායේ අක්කර 16ක ඉඩමක් අත්පත් කරගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තලවකැලේ ප්‍රදේශයේ අක්කර 50ක ඉඩමක් අත්පත් කරගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාගස්තොට ප්‍රදේශයේ ස්ථාන තුනක අක්කර 10 බැගින් ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා.“ (දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart