June 9, 2025

දිගුකාලීනව ආදායම් බදු පැහැරහැරීමේ නඩුවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්දගේ බිරිඳ වන කුෂානි නානායක්කාර පසුගිය (07) දින කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම නඩුව ගොනුකර ඇත.

ව්‍යාපාරික කාන්තාවක් වන කුෂානි නානායක්කාර වසර ගණනාවක් තිස්සේ රුපියල් මිලියන 700 කට වඩා ආදායම් බදු ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සිදුකර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 දරන අධිකරණ නඩුවක් (අංක 495/08/20) ගොනුකිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.