
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටිය දී ඉන්දියානු අධිකරණය මගින් නිදහස් කළ සාන්තන් නමැත්තා ලංකාවට රැගෙන ඒමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
සාන්තන් යාපනයේ පදිංචිකරුවකු වන අතර, ඔහුගේ මව සහ සහෝදරයන් යාපනයේදී ඇමැතිවරයාගෙන් කළ ඉල්ලීම මත ඉන්දීය රජය සමග සාකච්ඡා කර ඔහු මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ඇමැතිවරයා සාන්තන්ගේ ඥාතීන්ට පවසා තිබේ.
අධිකරණය මගින් නිදහස් කෙරුණු ඔහු දැනට රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය රෝහලක ප්‍රතිකාර ලබන බවට ඥාතීන් සඳහන් කර ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart