
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ජම්මු කාශ්මීරයේ පැරා ක්‍රිකට් කණ්ඩායමේ නායක අමීර් හුසේන් ලෝන් හමුවී තිබේ.
ඒ පසුගියදා ඔහු ජම්මු කාශ්මීරයේ සිදුකළ සංචාරයක් අතරතුරදීයි.
එම හමුව පිළිබඳ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සිය එක්ස් ගිණුමට වීඩියෝවක් එක් කරමින් සටහනක්ද තබා ඇත.
” to Amir, the real hero. Keep inspiring! It was a pleasure meeting you”
සැබෑ වීරයෙකු වන අමීර් හමුවීම පිළිබඳ සතුටට පත් වන බව සදහන් කරන තෙන්ඩුල්කාර් අදාළ හමුවේදී ඔහුට තම අත්සන සහිත සමරු පිත්තක්ද තෑගි කර තිබේ.
වයස අවුරුදු 08දී එනම්, 1997 වසරේදී සිදු වූ හදිසි රිය අනතුරකින් තම අත් දෙකම අහිමි වූ අමීර් හුසේන් ලෝන් තම පාද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන අතර පිත්ත නිකටෙහි සහ බෙල්ලේ රදවා ගනිමින් පිතිකරණයේ නිරත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart