
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මීට සුළු මොහොතකට පෙර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඔහුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය පෙබරවාරි 15 වැනිදා හිටපු ඇමැතිවරයා සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනකු පෙබරවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) මිලදී ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ඇමැතිවරයාව පෙබරවාරි 02 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණ නියෝගයකට අනුව එහි පැමිණි අවස්ථාවේදීය.
හිටපු ඇමැතිවරයාව අත්අඩංගුවට ගැනීමට පෙර මෙම වංචාව සම්බන්ධයෙන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart