September 25, 2025

ලිබියාවේ හිටපු නායක කර්නල් මුහම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබාගැනීමට අදාළ නඩු විභාගයකින් ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි සාපරාධී කුමන්ත්‍රණයකට වරදකරු බව ප්‍රකාශයට පත්කර තිබේ.

අක්‍රිය දූෂණය සහ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක අරමුදල් ලබාගැනීම ඇතුළු අනකුත් සියලු චෝදනා සම්බන්ධයෙන් පැරිස් අපරාධ අධිකරණය මුලින් ඔහුව නිදොස් කොට නිදහස් කළේය.

කෙසේවෙතත් 2007 මැතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවීම සඳහා ගඩාෆිගෙන් ලැබුණු අරමුදල් භාවි කළ බවට චෝදනා එල්ල වූ සාකෝසි පැවසුවේ, මෙම නඩුව දේශපාලනික මැදිහත්වීම් මත සිදුවූවක් බවයි.

මුදල් ලබාගැනීම වෙනුවට, බටහිර රටවල් සමඟ ගඩාෆිගේ කීර්තිනාමයට එරෙහිව සටන් කිරීමට සර්කෝසි උදව් කරන බවට පොරොන්දු වූ බව පැමිණිල්ලේ චෝදනාව විය.

මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන සාකෝසි 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

එවකට ලිබියානු නායකයාගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම්, මැතිවරණ ප්‍රචාරක අරමුදල් සඳහා තම පියාගේ මුදල් මිලියන ගණනක් ලබාගත් බවට සර්කෝසිට මුලින්ම චෝදනා කිරීමෙන් වසර දෙකකට පසුව ඔහුට එරෙහි 2013 දී විමර්ශනය ආරම්භ කර තිබිණි.

සර්කෝසිගේ බිරිඳ වන ඉතාලියේ උපන් හිටපු සුපිරි නිරූපිකාවක් සහ ගායිකාවක් වන කාර්ලා බෲනි-සාකෝසිට පසුගිය වසරේදී ගඩාෆි නඩුවට අදාළ සාක්ෂි සඟවා වැරදිකරුවන් සමඟ සම්බන්ධ වීම සහ වංචා කිරීමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර, ඇය ද එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.