
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වර්ෂ 2021 දී ලොව පුරා දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් සතුව ඇති නිත්‍යානුකුල නොවන ලෙස අත්පත් කරගෙන ඇති වත්කම් හෙළි කළ දැවැන්ත මූල්‍ය වාර්තාවක්වන පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) හි අඩංගු තොරතුරු මත පදනම්ව මැලේසියානු දූෂණ විරෝධී කොමිසම විසින් මැලේසියාවේ හිටපු මුදල් ඇමැති ඩේම් සයිනුදීන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් පසුව ඔහුට චෝදනා එල්ලවී ඇත.
ඒ අනුව, ඔහු පිළිබඳ විමර්ශනයේ කොටසක් ලෙස එම කොමිසම විසින් පසුගිය මාසයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර මහල් 60කින් යුත් ගොඩනැගිල්ලක්වන ඉල්හැම් ටවර් අත්පත් කර ගෙන තිබේ.
එමෙන්ම ඩේම්ගේ බිරිඳවන නයිමාට ද දූෂණ විරෝධී කොමිසමට වත්කම් හෙළිනොකිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ උසාවියේදී චෝදනා එල්ල වූ අතර, ඇය එහිදී වරද පිළිගෙන නොමැත.
ඩේම් සයිනුදීන්ගේ වත්කම්වලට ක්වාලාලම්පූර්, සෙලන්ගෝර්, පහන්ග්, නෙගෙරි සෙම්බිලාන්, පෙරාක් සහ කෙඩාහි පිහිටි සමාගම් 38ක් සහ දේපළ 25ක් මෙන්ම, රෝල්ස් රොයිස්, මර්සිඩීස් බෙන්ස් රථ තුනක් සහ ජගුවර් ඇතුළු සුඛෝපභෝගී වාහන කිහිපයක්ද ඇතුළත් බව පැවසේ.
හිටපු අගමැති මහතීර් මොහොමඩ්ගේ ප්‍රධාන සගයෙකුවන ඔහු නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති අතර, වරදකරු වුවහොත් ඔහු වසර පහක උපරිම සිරදඬුවමකට සහ RM100,000 (US$20,000) දක්වා දඩයකට යටත් විය යුතුය.
ඩේම්ගේ නීතීඥ එම්. පුරවලන් පවසා ඇත්තේ, සිය සේවාදායකයා වකුගඩු ආබාධයකින් මෙන්ම ඇස්වල දිලීර ආසාදනයකින් පීඩා විඳිමින් සිටින බවය.
චෝදනාවට ලක්වීමෙන් පසුව, ඩේම් ජනමාධ්‍ය හමුවකදී කියා ඇත්තේ, වත්මන් මැලේසියානු පරිපාලනය “සියලු ප්‍රතිසංස්කරණ පොරොන්දු පාවා දෙමින් එහි බලතල අනිසි ලෙස භාවිතා කරන” බවයි.
85 හැවිරිදි ඔහු 1984 සිට 1991 දක්වා සහ 1999 සිට 2001 දක්වා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart