
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැදිරියක විවෘත දොරටුවේ එල්ලී සිටියදී උමං තාප්පයක ගැටීමෙන් විදේශීය දුම්රිය මගියකු ඊයේ සවස මියගිය බව ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ පවසයි.
මෙම විදේශීය මගියා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ඇල්ල බලා යමින් සිට ඇත.
අනතුර සිදුව ඇත්තේ පස්වරු 4 ට පමණය.
නානුඔය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 19 දරන උමං මාර්ගයේ ගැටීමෙන් විදේශිකයා මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉල්ලා ඇත.
දුම්රිය පනතට අනුව, දුම්රිය ධාවනය වන විට දුම්රිය මැදිරිය තුළ රැඳී සිටින ලෙස මගීන්ට උපදෙස් දෙනු ලැබේ.
දුම්රියේ විවෘත දොරටු හෝ ජනේලවල එල්ලී යෑමෙන් මාරක අනතුරු මීට පෙර වාර්තා වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart