
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ලේ සිට කිලෝ මීටර 798ක් නිරිත දිගින් ගැඹුරු මුහුදේ සිදු වූ අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගොඩබිමට රැගෙනවිත් ඇති අතර, නාවික හමුදාව විසින් ඔහුව ප්‍රතිකාර සඳහා ඊයේ (11) ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කර ඇත.
මීගමුව ධීවර වරායෙන් ජුනි 22 වැනිදා ධීවරයන් 05දෙනෙක් සමඟ ‘සචින්ත පුතා”(Sachintha Putha) නමැති බහුදින ධීවර යාත්‍රාව පිටත්ව ගොස් තිබේ.
මෙම යාත්‍රාව ගාල්ලේ සිට මෙරටට නිරිත දෙසින් ගැඹුරු මුහුදේදී විදේශීය යාත්‍රාවක ගැටී ඇති අතර, එහිදී එම විදේශීය යාත්‍රාවෙන් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙක් පිළිස්සීම් තුවාල ලබා ඇත.
මේ සම්බන්ධව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබේ.
එම දැනුම් දීමට අනුව, නාවික හමුදාව විසින් තුවාල ලැබූ ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ ‘SPAR MIRA’ නම් වෙළෙඳ නෞකාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය මඟින් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව, පිළිස්සුම් තුවාල ලත් ධීවරයා වෙළෙඳ නෞකාව වෙත රැගෙන, එහි ගමනාන්තය වූ සිංගප්පූරුව වෙත යන ගමන් මාර්ගය වෙනස් කර, නාවික සැතපුම් 400ක දුරක් ගෙවා මෙරට දකුණු මුහුදු ප්‍රදේශය වෙත රැගෙනවිත් තිබේ.
අනතුරුව, දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් අනතුරට පත් ධීවරයා ගාල්ල වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart