
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු යුධ හමුදාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායකගේ සහාය පිළිගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට දෝෂාරෝපණය කර ඇති බවට වාර්තා වේ.
සමගි ජන බලවේගය ඊයේ කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයකට එක්වෙමින් ඔහු මේ පිළිබදව සඳහන් කර තිබේ.
හිටපු යුධ හමුදාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක පසුගියදා සමගි ජන බලවේගය සමඟ එක් වූ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී දයා රත්නායක තමාව සිරගත කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි.
ජෙනරාල්වරයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසවන්තයකු වන බවද හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart