
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් සියයට පහක ( 5% ) පමණ පිරිසක් සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත අනාවරණය කරයි.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (13) පැවැති ජංගම සේවාවට එක්වෙමින් හෙතෙම මෙම අනාවරණය සිදුකර තිබේ.
එහිදී ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ , මෙම පිරිස සඳහා උප්පැන්න ලබාදීමේ වැඩසටහනයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි.
එම වැඩසටහන මගින් දැනටමත් උප්පැන්න මරණ හා විවාහ සහතික 300ක් පමණ නිකුත් කර ඇති බවත් , උප්පැන්න සහතික නොමැති 14,000ක පුද්ගලයන් වෙත උප්පැන්න සහතික ලබාදීමට නියමිත බවත් ඔහු පවසා සිටියේය.
ඇමැතිවරයා අදහස් දැක්වූ එම උත්සවයේදී නිත්‍යානුකූල විවාහ නොවී එකට ජිවත් වු යුවලක් විවාහ කරදුන් අතර, එහි සිටි රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත සහ රේජිස්ටාර් ජනරාල් සමන්ත විජයසිංහ යන අය සාක්ෂියට අත්සන් කරනු ලැබූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart