December 18, 2025

සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය වැල්ලම්පිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද සිගරට් කූරු 2,030,000 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 330ක් පමණ වේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සේවකයින් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව තහවුරු කළේය.