
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු ඝාතනය කර ඇත. මෙම පුද්ගලයන්ට තියුණු ආයුධවලින් පහරදී, මාරාන්තික තුවාල සිදු කර ඇති අතර, ඔවුන් එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත. වින්දිතයන් සියලු දෙනාම ඥාතීන් බවට විශ්වාස කෙරෙන අතර, ප්‍රහාරය පිටුපස ඇති අරමුණ මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගැනීමට හෝ සැකකරුවන් හඳුනාගැනීමට නොහැකි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart